වෙනදට උදේ හයේ Alarm එකට ඇහැරිලා අභිත්ට නැගිටින්න හයහමාරේ alarm එක තියල ඇදෙන් බහින ටෙරාන්ට අද අභිත් එයාගේ පපුවට තුරුලු වෙලා ඉන්න විදිය නිසාම ඇදෙන් බහින්න හිත දුන්නේ නෑ. වෙනදට හැමදාම ටෙරාන් අභිත්ගේ පපුව අස්සේ මූණ ඔබාගෙන හිටියට අද අභිත් ටෙරාන්ට තුරුලු වෙලා ඉන්න විදිය දකිද්දි ටෙරාන්ට මහා ලෝභකමක් ඇති වුණා. අභිත්ගේ හිත රිද්දන හැම නපුරකින්ම අභිත්ව හංගල තියාගන්න එයාට පුළුවන් වුණානම් කියලා ටෙරාන්ට හිතුනා.
අභිත් ඊයේ පාන්දර දෙකට විතර එක පාරම හීනෙන් අඩන්න ගත්තා. පළවෙනි වතාවට මේ වගේ අත්දැකීමකට මූණ දීපු ටෙරාන්ටත් බයටයි දුකටයි ඇඩෙන්න ගත්තා. එයත් අඩ අඩම අභිත්ගේ ඔලුව අත ගගා , මූණ ඉඹ ඉඹ නින්දෙන් අඩ අඩ හිටිය අභිත්ව පපුවට ගුලි කරගෙන හෙන වෙලාවකට පස්සේ සන්සුන් කරවලා එහෙම්මම නිදි කෙරෙව්වා. අභිත් එයාට නොකිව්වට මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඇති කියලා තේරුම් ගත්ත ටෙරාන් උදේට මේ ගැන අප්පච්චිගෙන් අහනව කියලා හිතාගත්තා.
පාන්දර ඇහැරුණාට පස්සේ හරි නින්දක් නොතිබුණු ටෙරාන් උදේ හයේ alarm එක වදිනකන්ම අභිත්ව තුරුලු කරගෙන එයාලගේ අනාගතේ ගැන ලස්සන හීන හිතින් මව මව හිටියා.
" Good Morning ඒයි... "
අභිත් එයාගේ අත්වල ග්රහණය වැඩි කරන එකෙනුයි එයාගේ පපුවට දැනුණු අභිත්ගේ ගැඹුරු හුස්ම නිසායි අභිත් නැගිටලා ඉන්නේ කියලා තේරුණු ටෙරාන් අභිත්ගේ ඔළුව අතගගාම අභිත්ට කතා කරා.
" දැන් ඔළුව රිදෙන් නෑ නේ."
නෑ කියන්න ඔළුව දෙපැත්තට වනන ගමන් අභිත් ටෙරාන්ගේ උණුසුම් පපුවට තව තවත් ගුලි වුණා.
" අද ගෙදර ඉන්නවද අභූ ? නැත්තන් කොහෙ හරි යන්න තියනවද ?"
" නුගේගොඩට යන්න ඕනේ බබා. February වෙනකොට apartment මිනිස්සුන්ට භාර දෙන්න ඕනේ.. "
" මාත් එන්නද ඒයි... "
" ඔව් ඔයත් යනවා. "
" මරූ... "
අභිත් එයාගේ අත් දෙක ලිහිල් කරද්දි අභිත්ගේ ලිප්ස් පෙක් කරගෙනම ටෙරාන් ඇදෙන් බිමට පැන්නා .
YOU ARE READING
අභිරන් 🌹 | Sinhala BL
Non-FictionTaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.