දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසන ලා හිරු කියන රෑන් රෑන් ගස් අතරින් පෙරීගෙන එන වෙලේ තාමත් ඇස් අරින්න කම්මැලිකමේ ඉන්න පුන්චි මල් කැකුලක් වටින් පිටින් ඇහෙන කුරුලු කූජනවලට සවන් යොමාගෙන ඇඹරි ඇබරි ඉන්නවා..අහන්නකො අනේ මේ කිචි බිචිය...........
"හුත්තෝ නැගිටපාන්...මූ බලපන්කො ගෙදර ඇඳේ නිදාගෙන ඉන්නවා වගේ පන්තිය මැද නිදාගෙන ඉන්න හැටි...නැගිටපාන්.........................ගෙනෙන් ඔය වතුර එකක්."
වට් ද...wait a minute...මේ සිරි ලන්කාද්වීපයේ කුරුල්ලො කවද්ද යකෝ සින්හල ඉගෙනගත්තෙ.
මම නිකන් හත් ඉලව්වට ගහපු කලාබරේ වගේ ඔලුව උස්සලා මේ සිදුවෙච්චි විපරියාසෙ දිහා බැලුවා....අපරාදෙ බැලුවෙ...මූ මොකද අපෙ ගෙදර කරන්නෙ මේ උදේ පාන්දර...අනික මූ අපේ ගෙදර තියන තැනක් දන්නෙ නෑනෙ....උගෙ මූන දැක්කම් මට රුක්මනී දේවි මහත්මියගෙ මරු සින්දුවකුත් මීටර් වුනා...මූටම ගැලපෙනවා හැබැයි...
"බලාපල්ලා මේ මූනේ හැටි
උදෙන්ම දැකගන්න කීයාක් වටී"
ඔක්කොම හරි කියමුකො මූ මොකක්ද මගෙ ගේ ඇතුලෙ කරන්නෙ...
"උබ මොකද බන් මගෙ කාමරේ කරන්නෙ.."
"තොට දෝදුද බන්..උබ ඉන්නෙ ක්ලාස් එකේ.... ගහලද ඉන්නෙ"
හත්තික්කේ....ඊයෙ රෑම අර සෝස බෝලේ එක්ක චැට් කරලා උදේ එලාම් එකේ පිහිටෙන් නැගිටපු මම වැනි වැනි ගිහින් වොශ් දාලා රෙඩිවෙලා ක්ලාස් ආවා වගේ මතකයි....බස් එකෙත් හීනෙන් වගේ ඇවිල්ලා නූපෙ බැස්සත් මතකයි...දෙයියනේ කියලා ක්ලාස් එකට ආවම තමා දැක්කේ සර් ගෲප් එකට දාලා තියෙනව කියලා අද ක්ලාස් එක නවයට කියලා.....මුගෙ ආච්චිට...
අනේ ඉතින් ක්ලාස් එක අටට කියලා හිතන් හත හමාර වෙද්දි මේ රෙද්දට ආපු මන් ගොනා සේ උඩට ඇවිත් හෝල් එකට ආවත් ඒක පාලු සුසානේ වගේ...දෙයියනේ කියලා ෆෑන් එක යට දපලා ඩෙස් එකට ඔලුව තියාගත්තා විතරයි මතක................................නිදි දෙව්දුව එක්ක නිදිවැදිලා මන්.