04

156 21 0
                                    

සති එකහමාරක වගේ මහන්සියේ අන්තිම ප්‍රතිඵල. බිග් මැච් එකේ ප්‍රැක්ටිස්වල අන්තිම දවස. ආයු , සිතුම් , යෙනුජ තුන්දෙනාම ප්‍රැක්ටිස් කරන තැනට ගිහින් සත්රූට විෂ් කරා. යෙහාන් එහෙමත් නැත්තන් සත්රූගෙ වෙන්ඩ බෝයිෆ්‍රෙන්ඩ් ලගටත් ගිහින් විෂ් කරලා එන්න ආයු අමතක කරේ නෑ. මේ සතියක වගේ පොඩි කාලයකදි ආයු යෙහාන් දෙන්නා මාර විදිහට ෆිට් වුනා. හැබැයි මේ විදිහට අදුරන්නෙ නැති කෙනෙක් ලගට ගිහින් ආයු කතා කරන එක ගැන අනිත් දෙන්නටනන් තිබ්බෙ විසාල පස්නයක්. මොකද එයාල දන්න ආයු හිතුන හිතුන වෙලාවට ගිහින් එක එක්කෙනාට කතා කරන කෙනෙක් නෙමේ. මාස දෙක තුනකට කලින් හිටිය ආයුනන් ඒ වගේ ඒත් දැන් ඉන්න ආයු කියන්නෙ මීට මාස දෙක තුනකට කලින් ඉදන් සීතල චරිතයක්.

යෙහාන් නිෂ්මික කියන්නෙ ඉස්කෝලෙ ප්‍රසිද්ධ චරිතයක් කියන්න කාටවත් රහසක් නෙමේ. සත්රූලට පස්සෙ බැජ් එකේ කෙනෙක්. ස්පෝර්ට් පැත්තෙන් ගත්තොත් කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. තාත්තා බිස්නස්මන් කෙනෙක්. ෆැමිලි එකේ දෙවනි ළමයා.

ආයු ලගට එනකන් කටත් ඇරන් බලන් හිටිය අනිත් දෙන්නා ඊටපස්සෙ හැරුනෙ සත්රූ දිහාට. සත්රූ මොනව කියන්නද කටත් පොකට් එක වගේ කරගෙන ආයු දිහා බලන් හිටියා.

" මං එහෙම කරන්න හේතුව පස්සෙ කියයි "

සිතුම් ප්‍රශ්නෙ අහන්න කට අරින්නත් කලින්ම ආයු උත්තරේ දුන්නෙ සිතුම් කට සීල් කරල වගේ තොල් දෙක තද කර ගනිද්දි. මොකද හැමෝම දන්නවා ආයු කවදාවත් හේතුවක් නැතුව දෙයක් කරන්නෙ නෑ කියලා. එයා කරන හැමදේටම හේතුවක් තියන්වා. ඉතින් මේ දේටත් හේතුවක් තියෙන්න ඇති කියල හිතුන සිතුම් කට වහගන පැත්තකට වුනා.

සත්රූට විෂ් කරලා එහෙම අනිත් තුන්දෙනා ගියේ ස්පෝර්ට් මීට් එකේ වැඩ ටික බලන්න. ස්පෝර්ට් කැප්ටන්ලා විදිහට මීට් එකේ වැඩ ඔක්කොම තිබ්බෙ ආයු , යෙනුජ අතේ. එයාල යනකොටත් ඉවේන් ගොඩක් දේවල් ප්ලෑන් කරලා හවුස්වල කැප්ටන්ලට වැඩ බෙදල දීලත් ඉවරයි. නම් තිබ්බ කොලයක් අරන් ආව නිම්ශිත් ඒක චෙක් කරන්න කියලා යෙනුජට දීල ගියේ තව දේවල් ටිකක් ගැන කතා කරගන්න ආෆ්ටර් ස්කූල් පොඩි මීටින් එකක් ගන්නව කියන ගමන්මයි. අකිල ඇවිල්ලා සිතුම්ව අඩගහගන ගියේ ස්විමින් තරග ගැන අහගන්න. ඉස්කෝලෙ HP වගේම ස්විමින් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් තනතුරත් මේ වෙනකොට තිබ්බෙ සිතිම් ලග. කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගත්ත ආයු ලොකුකම පැත්තකින් තියලා ඉවේන් ඉන්න පැත්තට ඇවිදගන ගියේ එයාටත් මොනව හරි තියනවද බලන්න. ඉවේන් කතාවක හිටිය හින්දා එයාගෙ එහා පැත්තෙන් හිටගන් ඒ කියනඒව අහගන හිටියෙ කතාවක් මැද්දෙන් පනින පුරුද්දක් නැති නිසා.

ආයු ( Non fiction )Where stories live. Discover now