07

109 12 0
                                    

" නැගිටිනවලා කම්මැලියො තුන්දෙනා "

" අනේ ආයු තව විනාඩියක් "

ඔන්න ඉතින් යාලුවො ආයුගෙ ගෙදර ඉන්න හැම දවසකම වගේ අදත් ඇහැරවන්නනන් වුනේ ආයුට. 5.30 ඉදන් හය වෙනකන් ඇහැරවලත් සිතුම් තව විනාඩියක් ඉල්ලනවා. ඉවසීමෙ අන්තිම අවස්ථාව. ආයු කියන්නෙ සමහර වෙලාවට ඉවසීමක් නැති කෙනෙක්. යාලුවො ඉස්සරහ ඒක හොදටම පිහිටලා තිබ්බා.

" නැගිටිනවලා යකුනේ, පරක්කු වෙලා ගියොත් අර ඉවේන්කාරයා මගෙ ඔලුව කයි "

එහෙම කීවෙ ඉවේන්ට තියන බයකට නෙමේ. කගෙවත් දේශන අහන පුරුද්දක් තිබ්බෙ නැති හින්දා. ඉවසීමෙ අන්තිම තැන ආයු තුන්දෙනාටම පා ප්‍රහාරවලින් සංග්‍රහ කරා. අති සාර්ථක ලෙස ඇමති පුතා උදේ පාන්දරම භූමි මාතාව සිප ගත්තා. කොල්ලගෙ ෆස්ට් කිස් එකත් භූමි මාතාවම තමා. ඒකත් ආයුලගෙ ගෙදර ආව දවසක. බිත්තිය අයිනෙ හිටිය කොළඹ හොදම ක්ලබ් දෙකේ අයිතිකාරයගෙ පුතා මොකාද එකා වගේ බිත්ත්තියේ ඇලිලා. ඇද මැද නිදාගන හිටිය උත්තමයටනන් කිසිම අතුරු ආබාධ නැතුව නැගිටගන්න පුළුවන් වුනා. ඒත් නැගිටලා ඇදෙන් බිමට අඩියයි තියනකොටම කකුලෙ පැටලිලා තිබ්බ බෙඩ් ෂීට් එකත් එක්කම පොලව බදා ගත්තා.

ඉස්කෝලෙ යන්න ලෑස්ති වුන හතරදෙනා කුසුමා නැන්දා හදලා තිබ්බ කෑම ටිකටත් වග කීවෙ නැන්දගෙ කටේ බලේට කීවොත් හරි. උගුරට එනකන් සොමාලියාවෙන් ගොඩ බැස්ස අය වගේ කාලා බස් එකේ ඉස්කෝලෙ යන්න පාරට ආවා. හවස ක්ලාස් තියන දවස්වලට හතරදෙනා ගියේ බයික් එකේ නෙමේ බස් එකේ. මොකද ක්ලාස් ඉවර වෙන්න රෑ වෙන හින්දා. පාරට ආව ගමන් හම්බුනේ කොළඹ හතේ ඉස්කෝලවල ඔක්කොම ලමයි ඉන්න බස් එකක්. කලින් ඉස්කෝලෙට යා ගන්න ඕනෙ හින්දම හතරදෙනාම නැංගෙ ඒ බස් එකට. සතියකට දෙතුන් සැරයක් බස්වල ගමන් යන මේ කොල්ලො තුන්දෙනාට කෙල්ලන්ගෙ ප්‍රතිචාරනන් අඩුවක් නැතුව තිබ්බා. ඒක්ට මේ හතරදෙනා වැඩි කැමැත්තක් තිබ්බෙත් නෑ.

" හායි "

ඒ Girls එකේ කෙල්ලෙක්. හරිනන් ඔය කෙල්ල මීට සතියකට විතර කලින් ආයුට නම්බර් එක දුන්නා. ආයු ඒ කෙල්ලට රවලා අහකන් බලා ගත්තෙ කතා කරන්නෙවත් නැතුව. තාම එයා වැඩේනන් අතෑරල නෑ නම්බර් එක ආයුට දීලයි බස් එකෙන් බැස්සෙ. ආයුනන් ඒක ගන්න තියා බැලුවෙවත් නෑ. සත්රූගෙන් උදව් ඉල්ලන්නෙත් කොහොමද එයත් එහාපැත්තෙ හිටිය කෙල්ලට බයින් නැතුව ඉන්න පුදුම විදිහට උත්සාහ කරනවා. සිතුම් දිහා බලද්දි උදේ පාන්දරම වැඩ අල්ලලා ඒ මනුස්සයා කෙල්ලෙක්ට බයිනවා. යෙනුජනන් කියලා වැඩක් නෑ නැග්ග ගමන් හම්බුන සීට් එකේ බොරුවට නිදි. ඒ ඉතින් බස්වල යන දවස්වලට යෙනුජගෙ තියරිය.

ආයු ( Non fiction )Where stories live. Discover now