08

104 13 1
                                    

ස්පෝර්ට් මීට් එකේ වැඩවලට තියෙන්නෙ හරියටම කීවොත් සතියයි. ලබන සිකුරාදා මීට් එක. ඒ හින්දාම ප්‍රින්සිපල් ලමයි හැමෝටම නිදහස දීල තිබ්බා. මොකද ප්‍රිෆෙක්ට් බෝඩ් එකටයි , ස්පෝර්ට් කැප්ටන්ලටයි , 13 වසරෙ අයටයි විතරක් මීට් එකේ වැඩ ටික බලන්න බෑනෙ. මේ වෙනකොට ලොකු ලොකු මැච්වල වැඩ ටිකනන් ඉවර වෙලයි තිබ්බෙ. එකක් දෙකක් වගේ තමා තව තියෙන්න තිබ්බෙ. පොඩි පන්තිවලට තියන ටික මේ වෙනකොටත් හවුස් කැප්ටන්ලා ගොඩක්බ්දුරට ඉවර කරලා ඉවර කරල.

" අපි හවුස් ටික හදන්නෙ කොහොමද "

ඉවේන්ගෙ ඊලග ප්‍රශ්නෙ වුනේ ඒක. හවුස් ඩෙකරේෂන් කරන්න ඕනෙ විදිහ කතා කරගෙන තිබ්බත් හදන ඒව කතා කරගෙන තිබ්බෙ වෙන වෙනම. ඒත් මේ පාර හැම හවුස් එකක්ම එක විදිහට හදන්න ප්ලෑන් කරලා තිබ්බා.

" එකම විදිහට හදලා ඒවට අදාල පාටවලින් ඩිසයින් කරානන් හරිනෙ "

ඒ උත්තරේ ආයුගෙ. හරිනන් මේ වෙනකොට ස්පෝර්ට් මීට් එකේ වැඩ ඔක්කොම ප්ලෑන් වෙන්න ඕනෙ මෙයාගෙ අතින්. ඒත් කොහෙද ඉන්න පණ්ඩිතයෙක් ඒ වැඩ ටික බලෙන් කරනවනෙ.

" ඒ විදිහ හොදයි , වෙනස් විදිහට හදනවට වඩා ඒක හොද අදහසක්. ආයු මම ඊයෙ කීව නම් ටික දෙන්න "

ආයු ඔරවගනම ගිහින් අතේ තිබ්බ ෆයිල් එක ඉවේන්ට දුන්නා. අහ් නෑ නෑ දුන්නෙ නෑ ඒක දමල ගැහුවා. ඊයෙ පෝන් එකට රව රව හිටියට ඇත්තටම මනුස්සයට නෙමෙනෙ රැව්වෙ. මේ වැඩ හින්දා ඉවේන් හිනා වෙන්නෙ නැතුවනන් හිටියෙ ගොඩක් අමාරුවෙන්. එයාට කොහොමත් ඕනෙ ආයුව අවුස්සන්නනෙ. ආයු යෙනුජ දෙන්නත් ගියේ හවුස් කැප්ටන්ලට උදව් කරන්න. ඉන්ටවල් එක වෙලාව එනකන් ස්පෝර්ට්වල වැඩ බැලුව කට්ටිට ඉන්ටවල් එකෙන් පස්සෙ තිබ්බ වෙලාවෙ හවුවල වැඩ බලන්න ගියා.

" ආයු ඔයාට ජිම් එකට එන්න කීව "

ඉවේන් එක්ක නම් වගයක් චෙක් කරන ගමන් හිටිය ආයු ඒ පණිවිඩෙත් එක්ක නැගිටලා ගියේ ජිම් එකට. ජිම් එකට එන්න කියන්න එකම හේතුව ආයු දන්නවා. මේ සැරේ බැට්මින්ටන් ටූනමන්ට් වැටිල තියෙන්නෙ ලබන මාසෙ අන්තිමට වගේ. ගිය අවුරුදදෙත් ටුනමන් ගියේ වෙන කවුරුත් නෙමේ ආයු. ගියපාර ඕල් අයිලන්ඩ් වින් කෙරුව කෙනාට මේව මොනවද. ඒත් ආයු මේ පාර ටූනමන්ට් එකට ලෑස්තිද. මූණෙන් පේන්නෑ එයා ඒකට ලෑස්තී කියලා. වෙනදා ටූනමන්ට් කියද්දි මූණට එන හිනාව අද ආයුගෙ මූණෙ පේන්නවත් නෑ.

ආයු ( Non fiction )Where stories live. Discover now